ලංකාවේ හදන 'ගජමෑන්' 3D Animation Movie එක ළඟදීම


හැත්තැව දශකයේ අතීශය ජනප්‍රියත්වයට පත් කැමිලස් පෙරේරාගේ 'ගජමෑන්' ඇතුළු කාටූන් චරිත සමූහයක් මූලික කොට ගනිමින් ශ්‍රී ලංකාවේ තැනෙන ප්‍රථම ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය නොබෝ දිනකින් රට පුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබේ. මෙම ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කරනු ලබන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරාය. තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනයේ නියුතු අයෙකු ලෙස චානක පෙරේරාව හඳුන්වනු ලබයි.





මෙරට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත්‍රවූ අතිප්‍රබල ප්‍රකාශනාත්මක චරිතයක් වූ 'ගජමෑන්' ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය නිර්මාණය කොට ඇත්තේ ජෙම්ස් කැමරන්ගේ 'ඇවටාර්' හා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ 'ටිං ටිං' වැනි සුප්‍රසිද්ධ සිනමා කෘති නර්මාණය කරන ලද 'මෝෂන් කැප්චර්' (Motion Capture) තාක්ෂණය ඔස්සේය. 'චලන ග්‍රහණය' යනුවෙන් අර්ථ ගන්වන 'මෝෂන් කැප්චර්' (Motion Capture) තාක්ෂණය සිනමා මාධ්‍යයට එක් වන්නේ මෘදුකාංග ආධාරයෙන් සජීවීකරණය කල චරිතවල ක්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කෙරෙන නව සජීවීකරණ ක්‍රමය මගිනි. 

මෙම 'මෝෂන් කැප්චර්' (Motion Capture) තාක්ෂණය ක්‍රමවේදය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ දසුන් පතිරණ, චාමර ප්‍රියදර්ශන, කසුනි, ප්‍රදීප්, ටිරාක් ශරදා අයයි. මෙහි හඬ රංගනයෙන් දායක වන ප්‍රධානතම ශිල්පීන් දෙපල වන්නේ චූටි මල්ලි සහා පොඩි මල්ලී ලෙස බොහෝ දෙනා ආදරය කරනු ලබන සුනෙත් චිත්‍රාන්නද හා ගාමින්ද ප්‍රියවිරාජ් යන ශිල්පීන්ය. ඊට අමතරව රෂී ප්‍රබෝධා, යුරේනි නොෂිකා සහ සුනිල් පෙරේරා යන අයට හඬකැවීම් අශයෙන් දායකත්වය ලබා දෙයි. ගජමෑන් චිත්‍රපටයේ තිරරචනය සිදුකර ඇත්තේ මොවන් දෙදෙනා විසිනි.


රු. මිලියන 75කට අධික වියදමක් දරා 2010 වසරේ පටන් නිෂ්පාදන කටයුතු සිදු කරන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.














Source - http://www.rategossip.com

No comments:

Powered by Blogger.