අවහිර කරනු ලැබූ Social Media යතා තත්වයට පත් කිරීම ගැන TRCSL කියූ කථාව
නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ තාවකාලිකව අවහිර කරනු ලැබූ සමාජජාල මාධ්‍යයට පිවිසීම හෙට (12) සිට යථා තත්ත්වයට පත්වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
හෙට දිනයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
පසුගිය බදාදා සිට ෆේස් බුක්, වයිබර්, ඉමෝ සහ වට්ස් ඇප් යන සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කරනු ලැබුවේ ඒ ඔස්සේ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ පුවත් වාර්තා වීමත් සමඟයි.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය වාරණය දිගටම ක්‍රියාත්මක කිරීම යහපත් දෙයක් බවට ද මත පළව ඇති බව සඳහන්.
එමෙන්ම වාරණය ඉවත් කළ යුත්තේ සමාජ මාධ්‍ය නිසි ලෙස නියාමනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සැකසීමෙන් පසුව බවට ද තවත් මතයක් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.
No comments: