සංගා, මහේල සහ අශ්වින් මහනුවරට දුන් පණිවිඩය මෙන්න
මහනුවර ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා දකින බවත් එම සිදුවීම් වලට වගකිව යුත්තන් නීතිය හමුවට රැගෙන ආ යුතු බවත් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් වසර 25ක් තිස්සේ යුද්ධයක අහිමිරි අත්දැකීම් සමග ජීවත් වූ බවත් මීලග පරම්පරාවට එවැනි බිහිසුණු අත්දැකීමක් ලබා නොදිය යුතු බවත්ය.
කුමාර් සංගක්කාර Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ සෑම ජන කොටසක්ම සමාන බවත් ඔවුන් එකම රටක එකම ජන කොට්ටාශයක් ලෙස නැගී සිටිය යුතු බවත්ය.
ආදරය, ගෞරවය සහ එකිනෙකාට ගරු කිරීම අප ප්‍රධාන වැකිය කරගතයුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ප්‍රචණ්ඩත්වයට එරෙහි වී එක්ව ශක්තිමත්ව නැගී සිටිය යුතු බවයි සංගක්කාර පවසන්නේ.
මේ අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් Twitter පණිවිඩයක් නිකුත් කරමින් මහනුවර ප්‍රදේශයේ ඇති වී ඇති තත්වය පිළිබද කනගාටුව පළකර තිබෙනවා.
No comments: