රට ගිහින් මොඩ් වී ආපු බිරිඳ ඉල්ලූ දේ නිසා සැමියා පොලිසි ගිහින්
විදේශ ගත වී සිට පැමිණි බිරිය තම සැමියාට සරම වෙනුවට කලිසම අඳින්නට යැයි බල කිරීම නිසා ඊට උරණ වූ සැමියකු පුස්සැල්ලාව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඔහු මැදරට ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයෙක් බවයි වාර්තාවන්නේ.
අදාළ සිද්ධිය මෙසේය.
එම යුවළ වත්තේ කුලී වැඩ කරමින් ජීවත් වූ අයයි. ජීවත් වීම සඳහා වැඩි මුදලක් උපයා ගැනීමට බිරිඳ පසුව විදේශ ගත වී තිබෙනවා.
මැද පෙරදිග ගෘහ සේවිකාවක ලෙස කටයුතු කළ ඇය වසර කීපයක් ගත වීමෙන් පසු නිවසට පැමිණ ඇති අතර තරමක් මොඩ් වී සිටි ඇය තම ස්වාමියාට ද සරම වෙනුවට කලිසම අඳින්නට යැයි පවසා ඇති බවයි පැවසෙන්නේ.
එහෙත් තමන්ට හුරු පුරුදු සරම වෙනුවට කලිසම අඳින්නට එම පුද්ගලයා අකැමැත්ත පළ කර තිබෙන අතර එම නිසා දෙදෙනා අතර ආරවුලක්ද හටගෙන තිබෙනවා.
තම බිරිඳගේ කරච්චලය නිසා උරණ වූ එම පුද්ගලයා පුස්සැල්ලාව පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් දමා ඇති බවයි වාර්තාවන්නේ.
පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත එම බිරිය හා සැමියා පොලිසිය වෙත ගෙන් වා ඇති අතර එහිදී සුළු පැමිණිලි අංශයේ පොලිස් සැරයන්වරයෙකු දෙදෙනා සමගි කොට පවුල් ජීවිතය සඳහා සැමියා සරම අඳින එක ප්‍රශ්නයක් කර නොගන්නා ලෙස කියා බිරියට අවවාදයක් දී තිබෙනවා.
No comments: