ලස්සන වැඩිකරගන්න කෝටිගානක් වියදම් කරපු නිවේදිකාවට වාඩිවෙන්නවත් බැරුව වෙච්ච දේ (PHOTOS)
තම ශරීරයේ සුන්දරත්වය වැඩි කර ගැනීම සඳහා විවිධ දේ අත්හදා බලන අය අප සමාජයේ ඕනෑ තරම් සිටිනවා. ඒ අතරින් සමහරක් සුන්දරත්වය හිමිකරගන්නා අතර තවත් අයෙක් කරදරේ වැටෙන අවස්ථාත් තිබෙනවා.
එංගලන්තයේ බර්මිංහැම්හි වෙසන 23 හැවිරිදි Star Delguidice නම් කාන්තාවක් රුපියල් මිලියන 3ක් පමණ වැයකර පිටුපස ප්‍රදේශයේ සැත්කමක් තුර්කියට ගොස් සිදුකරගෙන ඇත්තේ පිටුපස ප්‍රදේශය විශාල කරගැනීමේ අරමුණෙන්.
නමුත් එම සැත්කම සිදු කිරීමෙන් අනතුරුව ඇයට මුහුණදීමට සිදුව ඇත්තේ මහත් කරදරයකටයි. ඇයට නිසි පරිදි අසුන් ගැනීමටවත් නොහැකි තත්වයක් උදා වී තිබෙනවා. මේ නිසා ඇය පවසන්නේ, තමන්ට නැවත තිබු තත්වයට පත්විය යුතු බවයි. ඒ සදහා ඇය මේ වනවිටත් තෙරපි ප්‍රතිකාර ලබාගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Star Delguidice වයස අවුරදු 17 සිට මේ දක්වා ලස්සන වීම සදහා රුපියල් කොටි 4කට අධික වියදමක් දරා ඇති බවත් වාර්තා වනවා.
No comments: