ශකීබ් සහ නුරුල්ට ICC යෙන් ලැබුණු දඬුවම මෙන්න
නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ශකීබ් අල් හසන් සහ නුරුල් හසන් හට තරඟ මුදලින් 25% ක දඩයක් සහ ඔවුන් දෙදෙනාට අයි.සී.සී නිතී මාලාව කඩ කිරීම සම්බන්ධයෙන් සෘණ ලකුණු 2 ක් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් නියම කර තිබේ.
මෙම අයි.සී.සී නීති මාලාව 2016 හඳුන්වාදීමෙන් අනතුරුව ක්‍රීඩකයින් දෙදෙනෙකුට සෘණ ලකුණ බැඟින් ලබාදුන් පළමු අවස්ථාව බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.
ශකීබ් අල් හසන් හට සෘණ ලකුණු ලබාදීමට හා දඩය පැනවීමට හේතුවී තිබින්නේ තරඟයේ 19 වන පන්දුවාරයේ දෙවන පන්දුවේදී ශකීබ් අල් හසන් විසින් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනාට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන ලෙස සංඥා කිරීම හා විනිසුරු තීරණයට අභියෝග කිරීමයි.
නුරුල් හසන් හට සෘණ ලකුණු ලබාදීමට හා දඩය පැනවීමට හේතුවී තිබින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරාට ඇඟිල්ල දිගු කිරීම හේතුවෙනි.
අද උදෑසන මෙම ක්‍රීඩකයින් දෙදෙනා අයි.සී.සී ක්‍රිකට් බලධාරීන් හමුවීමෙන් අනතුරුව වරද පිළිගෙන මෙම දඩ මුදල ගෙවීම සඳහා එකඟතාව පළ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.
No comments: