ෂී – ජින්පින් ජීවිතාන්තය දක්වා චීනයේ ජනපති වෙයි
ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරමින් ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට චීනයේ ජාතික මහජන කොංග්‍රසය තීරණය කර තිබේ.
ඒ අනුව වත්මන් ජනාධිපති ෂී – ජින්පින්ට සිය ජීවිතාන්තය දක්වා ධුරයෙහි රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇත.
ඊට අදාළ යෝජනාව, පාර්ලිමේන්තුව අනුමත කරමින් ඡන්ද විමසීමක් සිදු කළ අතර, යෝජනාවට පක්ෂව ඡන්ද 2958ක් ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.
යෝජනාවට විරුද්ධව ඡන්ද දෙකක් හිමි ව ඇති අතර, සභිකයන් තිදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබේ.
මෙම ඓතිහාසික තීන්දුවත් සමග 1990 වසරේ සිට ක්‍රියාත්මක චීන ජනාධිපතිවරයෙකුගේ වසර 02ක්වන ධුර කාලය අහෝසිවනු ඇත.
No comments: