අවුරුදු 256ක් වයසැති පුද්ගලයෙක් තම මරණයට පෙර හෙළි කල ලොවම තැති ගැන්වූ රහස


ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා කවුද? ඔහු නමින් ”ලී චින්ග් යොන්”. ඔහු ලෝකයා පුදුමයට පත් කරමින් වසර 256ක් ජිවත් වෙනවා. මෙය මිත්‍යාවක් හෝ සුරංගනා කතාවක් නොවේ.

1930 වර්ෂයේ නිව් යෝර්ක් ටයිම් පුවත්පතේ පළවූ ලිපියකට අනුව ”වූ චන්ග් චිහ්” ”චෙන්ග්ඩු විශ්වවිද්‍යාලයේ ” සේවය කල කථිකාචාර්ය වරයෙකු වූ අතර ඔහු විසින් චීන රජයේ වාර්තා පිරික්සා එවකට වයස වසර150ක් වූ ”ලි චින්ග්” යොන් හට සුබ පතා තිබෙනවා. එමෙන්ම එම වාර්තා වලට අනුව ඔහුගේ 200 වෙනි උපන්දිනයට සුබ පතා ඇත්තේ 1877 වර්ෂයේදීයි. 1928 වර්ෂයේදී නිව් යෝර්ක් ටයිම් පුවත්පතේ වාර්තා කරුවෙකු ලිපියක් ලියමින් පවසා තිබෙන්නේ ලී ගේ නෑදෑයන් බොහෝ දෙනෙක් දිර්ඝායුෂ භුක්ති විදින බවයි. එවකට ලී තරුණ කොලු ගැටයෙක්ව හිද තිබෙනවා.

ලී චින්ග් යොන් තම රැකියාව ලෙස ඖෂධිය ශාක වැවීම පටන් ගෙන ඇත්තේ වයස අවුරුදු 10 සිටයි. ඔහු මේ පැලෑටි වවන අතරතුරේ දී එම ඖෂධීය ශාක සතු විභව ශක්තින් සහ දිර්ඝායුෂ විදීම සදහා ඒවා සතු ගුණයන් පිළිබදවද දැනුමක් ලබාගෙන තිබෙනවා. අවුරුදු 40 දී ඔහු විසින් ආහාරයට ගෙන ඇත්තේ ඖෂධිය ශාක වන ලින්ග්ශි, ගොජි බෙරි සහ වනයේ වැවෙන ජින්සේන්ග් නම් ආයුර්වේද ශාක වර්ගයක් සහ ගොටු කොළ, බත් ආධාරයෙන් සෑදු වයින් වර්ගයි. 1749 වර්ෂයේදී ඔහු චීනයේ යුද හමුදාවට බැදී ඇත්තේ ආධුනික සෙබළුන්ට සටන් ශිල්පය ඉගැන්වීමටයි. එවකට ඔහුට වයස අවුරුදු 71 ක් වී තිබුනා. ඔහු තම ජිවිත කාලය තුල 23 න් වරක් විවාහ වී ඇති අතර දරුවන් 200 දෙනෙකුගේද පියෙකු වෙනවා.

ලී දරුවෙකුව සිටි කාලයේදී ඔහුට ලිවිම සහ කියවීම හොදින් පුළුවන් වූ අතර ඔහු තම දස වන උපන්දිනය වන විට කන්සු, ශාන්ෂි, ටිබෙට්, සියාම් යන ප්‍රදේශ වල සංචාරය කොට තිබෙනවා. ඒ ඖෂධිය පැළෑටි වර්ග සොයා ගැනීමේ අරමුණින්. ඉන් පසුව ඔහු මෙම ඖෂධිය පැළෑටි වර්ග අන්අයට විකුණා ඇති අතර ඔහුද එම ඖෂධ වර්ග සහ සහල් ආධාරයෙන් සකසන ලද වයින් පානය කොට තිබෙනවා.

ලී ගේ ශිෂ්‍යයන් පවසන පරිදි ඔවුන්ට වයස අවුරුදු 500ක් පමණ වූ පුද්ගලයෙකුද මුණ ගැසී තිබෙනවා. ඔහුගේ ආයුෂ එතරම් දිගුවීමට හේතු වුයේ ඔහු අනුගමනය කල විශේෂ ආහාර සැලැස්ම බවයි ඔවුන් පවසන්නේ.

වර්ෂ 1667 දී ඉපිද වර්ෂ 1933 මයි 6 වන දින මෙලොවින් සමුගත් ඔහු පවසා ඇත්තේ ලෝකයාට ඔහුගෙන් විය යුතු සියල්ල තම ජිවිත කාලය තුල ඔහු ඉටුකළ බවයි. ඔහුගේ නිවැරදි සිහි කල්පනාවෙන් යුතු මේ වචන ඔහු සතුව තිබු රහස් ගණනාවකම හෙළි කිරීමක් නොවන්නේද? බොහෝ දෙනා සිතන්නේ වයස් ගත වීම පැරදවිය හැක්කේ ඉහල තාක්ෂනයෙන් යුතු කිරණ භාවිතයෙන් සහ භාවනා ප්‍රතිකර්ම මගින් පමණක් බවයි.

ලී ගෙන් තම දිගු ජිවිත ගමන ගැන විමසු විට ඔහු පවසන්නේ කලබලයකින් තොර හදවතක් පවත්වාගැනීම, ඉබ්බෙකු මෙන් වාඩි වී සිටීම, පරවියෙකු මෙන් කඩිසරව ඇවිදීම සහ බල්ලෙකු මෙන් නිදාගැනීම ඔහුගේ දිර්ඝායුෂ භුක්ති විදීමේ රහස බවයි. එමෙන්ම ඔහු විසින් ප්‍රගුණ කරන ලද මනස සම්බන්ධ කරගත් ආශ්වාස ප්‍රශ්වාස ගැනීමේ තාක්ෂණික ක්‍රමද ඔහුගේ මෙම රහස් අතර වෙනවා.

වර්තමානයේ පුද්ගලයෙකුගේ ආයුෂ කාලය වන්නේ වසර 70-85 ත් අතර කාලයක් පමණි. මෙසේ වසර දෙසීයකට වඩා කාලයක් ආයුෂ භුක්ති විදීම ඇත්තවශයෙන්ම පුදුමයකට කාරණයකි.


ඔබ විසින් අවබෝධ කරගත යුතු කරුණ වන්නේ ලෝකයේ වෙසෙන සමහරක් මිනිසුන් උදෑසන 9 සිට 5 දක්වා කාර්යාලයේ කාලය ගත නොකරන බවයි. ඔවුන්ට, ණය ගැනීම නිසා ඇතිවූ ආතතියක් නැත. ඔවුන් දූෂණය වූ වාතය ආශ්වාස කරන්නේ නැත. නමුත් ඔවුන් නිසි පරිදි ව්‍යායාම වල යෙදේ. ඔවුන් අනවශ්‍ය ලෙස සීනි හෝ පිටි ආහාරයට නොගන්නා අතර කෘමිනාශක යෙදු ආහාරද අනුභව කරන්නේ නැත. මේදය බහුල ආහාර හෝ ජාන තාක්ෂනය යොදා ගෙන වැවු එළවලු හෝ පලතුරු අනුභාවයෙන් වලකින ඔවුන් මධ්‍යසාර හෝ දුම්කොළ භාවිතා කරන්නේද නැත. ඔවුන් නිරන්තරයෙන් ආහාරයට ගන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කරවන පෝෂ්‍යදායි ආහාරයි.

ඔවුන් තමන් සතු අමතර කාලයේදී ස්වාභාවික ස්වසන තාක්ෂණ ක්‍රමයන් පුරුදු පුහුණු වන අතර ඔවුන් ප්‍රගුණ කරන භාවනා ක්‍රම නිසා මානසික, කායික සෞඛ්‍යය වර්ධනය වේ. ඔවුන් සියලු දේ සරලව දකින අතර අවශ්‍ය තරම් සැපපහසු නින්දක් ලබා ගෙන හිරු එළියේ කය වෙහෙසවා වැඩ කරයි. ඔවුන් සුන්දර කදු පන්තීන් අතර සතා සිව්පාවා සමගින් බොහෝ සුන්දර ජිවිතයක් ගත කරයි.

ඔබ දැනට ගත කරන ජීවිතය සහ ඔවුන් ගත කරන ජීවිතය අතර ඇති වෙනස ඔවුන්ගේ ජිවිතයේ දිර්ගායුෂ භුක්ති විදීමට හේතු වූ බව ඔබට දැන් වැටහෙනවා ඇති. එසේ බලන විට අපට කොයි තරම් කාලයක් ජිවත් වන්නට හැකියාව ලැබෙයිද?

Souce | en.wikipedia.org / AdaDawasa.com

මේ ලිපිය ඔබට වැදගත් වුණා නම් තවත් කෙනෙකුට බලන්න ශෙයා කරන්න.

No comments:

Powered by Blogger.