සරාගී නිළි සනී ලි‍යෝන් මවක් වෙයි, නිවුන් පුතුන් දෙදෙනෙක් (Photo/Video)


බොලිවුඩ් රංගන ශිල්පිණි සනී ලියෝන් මවු වරම් හිමිකර ගෙන තිබෙනවා. මෙතෙක් කල් සනි ලියෝන් මවු වරම් හිමි නොවූ අතර සනී ලියෝන්  සහ ඇගේ සැමියා ඩැනියෙල් වෙබර් ඔවුන්ගේ පළමු දරුවා දරුකමට ලබාගත්තේ පහුගිය ජුලි මාසයේදීයි. ඇය මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ උපත ලැබූ හුරතල් දැරිවියක්. නිශා කෝර් වෙබර් යන නමින් ලියාපදිංචි කෙරුණු ඒ දැරිය සනී භාරයට ගන්නා විට ඇයගේ වයස අවුරුද්ද්දකුත් මාස නවයක් වුණා.

නමුත් සනී ලියෝන් මීට වසරකට පෙර කියා තිබුණේ තමන් නිළියක නිසා ගර්භණිසමයක් ගත කිරීමට සිය රැුකියාවේ ස්වභාවය විසින් තමන්ට විවේකයක් ලබානොදෙන බවයි. ඒ කියමන විශාල පිරිසක් අතරේ විවේචනයටත් ලක්වුණා.

නමුත් දරුවන් ගැන ඇති ස්නේහය නිසාම නිශාට අමතරව තවත් දරුවන් තමාට වුවමනා බව ඇය කල්පනා කර තිබුණා.

සනී ලියෝන්ගේ සහ ඩැනියෙල් වෙබර්ගේ ජානවලින් දරුවෙකු බිහිකරන්නට ඔවුන් ගත් උත්සාහයේ සාර්ථක ඵලය පසුගිය සතියේ ඔවුන්ගේ දෝතට තිළිණ වුණා. ඒ පිරිමි පුතුන් දෙදෙනෙකු හැටියටයි. පවුලට පුතුන් දෙදෙනෙකු එකතු වූ සුබ ආරංචිය සනී ලියෝනි සිය පුද්ගලික ඉන්ස්ටර්ග‍්‍රැම් ගිණුමේ පළ කර තිබුණේ මේ වැකි කිහිපය සමගයි.

”මේවා දෙවියන්ගේ සැලසුම්.. 2017 ජුනි 21 වැනිදා තමයි අපි දැන ගත්තේ අපේම සුසංයෝගයෙන් දරු සම්පතක් ලබන්න අපට හැකියාවක් පවතිනබව. ඇත්තටම නිෂා අපි අතරට ඇවිල්ලත් තවම ඉතාම ටික දවසයි. අපේ කුඩා පවුල දැන් එකවර විශාල වුණා. ඒ අප අතරට පැමිණි නිවුන් පුතුන් දෙදෙනෙකු නිසයි. අශේර් සිං වෙබර් සහ නෝවා සිං වෙබර් සිගිත්තන් ලොකු පවුලක් පිළිබඳ අපේ හීන සැබෑ කළා. ඔවුන් ඉපදී තවම ටික දවසක් වුණාට ඔවුන් අපේ හීන ලෝකවල ඉපදුනේ මීට අවුරුදු ගණනාවකට කලිනුයි.”


No comments:

Powered by Blogger.