තේ ඉඩම් අයිතිකරුවෙක් දෙමාපියන්ට පහර දී පාසැල් සිසුවියකට කළ අපරාධය
"සිසුවියට විවාහයට යෝජනා කරලා.."
"සැකකරු පලා ගිහින්.."
කලවාන කුඩුමීරිය ප්‍රදේශයේදී අවුරුදු 17 ක් පමණ වයසැති පාසල් සිසුවියක පැහැරගෙන යැමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කලවාන පොලිසිය පවසනවා.
මෙසේ පැහැර ගැනීමට මුහුණ දී ඇත්තේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන අතර ඇය ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක අ.පො.ස. උසස් පෙළ (කලා) අංශයේ ඉගෙන ගන්න දැරියක බවද කලවාන පොලිසිය වැඩිදුරටත් සදහන් කරනවා.
සිද්ධියට මුහුණ පෑ දැරිය කලවාන පොලිසියට කර ඇති ප්‍රකාශය අනුව අදාළ සැකකරු ඇයගේ නිවස අසල පදිංචි 45 හැවිරිදි තේ ඉඩම් අයිතිකරුවෙක්. ඔහු තමා සමග විවාහ වන ලෙස අදාළ දැරියට කීප විටක්‌ම යෝජනා කළත් ඇය යෝජනාව ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.
මේ යෝජනාවට අකමැති වීම නිසා කෝපයෙන් සිටි සැකකරු සිද්ධිය වූ දින කම්කරුවන් දෙදෙනකු සමග පාසල් සිසුවියගේ නිවසට පැමිණ මවුපියන්ට පොලු පහරදී දැරිය කැළයට ඇදගෙන ගොස් තිබෙනවා. ඒ අවස්‌ථාවේ දැරියගේ කෑ ගැසීම නිසා පැමිණි අසල්වාසීන් ඇය බේරාගෙන තිබෙන අතර එවිට ප්‍රධාන සැකකරු පලාගොස් තිබෙන බවත් සදහන්. ඒ අතර සහායට පැමිණි කම්කරුවන් දෙදෙනා අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.
කලවාන පොලිසිය විසින් එම දෙදෙනා රත්නපුර වැඩබලන මහෙස්‌ත්‍රාත් ප්‍රියංකා ගුණවර්ධන සූරිය මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 14 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
No comments: