ඉතාලි අගමැති ඉදිරියට උඩු කය නිරුවතින් ආ කත (PHOTOS/VIDEOS)
මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය අවස්ථාවේ ඉතාලි හිටපු අගමැතිවරයෙකු වූ සිල්වියෝ බර්ලස්කෝනිට ඡන්ද මධ්‍යස්ථානය තුලදී අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
ඉතාලියේ, මිලානෝ නුවර ස්ථාපිතකර තිබූ ඡන්ද මධ්‍යස්ථානයක් තුලදී සිල්වියෝ බර්ලස්කෝනි මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි හිටපු අගමැතිවරයා ඡන්දය ප්‍රකාශ කිරීමට සැරසෙන අවස්ථාවේ උඩු කය නිරුවතින් හදිසියේම ඔහු ඉදිරියට පැමිණි තරුණියක් මේසයක් මත නැගී විරෝධතාවයේ නිරත වී තිබෙනවා.
විරෝධතාවයේ නිරත වූ තරුණිය ඇයගේ පපු ප්‍රදේශයේ 'ඔබ දැන් කල්කුත් වී ඇත' යනුවෙන් සටහන්කර තිබූ බව සඳහන්.
පසුව ආරක්ෂක නිලධාරීන් පැමිණ විරෝධතාවයේ නිරත වූ අදාල තරුණිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා.
ඉන් අනතුරුවයි හිටපු අගමැති සිල්වියෝ සිය ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ.
මෙවර මැතිවරණයේදී සිල්වියෝ බර්ලස්කෝනිගේ මධ්‍ය දක්ෂිණාංශික සන්ධානය වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.








No comments: