FACEBOOK තහනම ඉවත්වන හරිම දවස මෙන්න!
ෆේස්බුක් සමාජ ජාලයට පනවා ඇති අවහිරය ලබන සිකුරාදා (16) ඉවත් කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.
ෆේස්බුක් ආයතනය කරන නියෝජනය කරන ඉහළ නිළධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා දිනයේ (15) ශ්‍රී ලංකා රජයේ නිළධාරීන් පිරිසක් හමුවීමට නියමිත බවද වාර්තාවෙයි
මෙම අවහිර කිරීම ඉවතලීම පිණිස වෛරී ප්‍රකාශන ඉවත් කරන බවට ෆේස්බුක් ආයතනය කර ඇති ප්‍රකාශය නිල වශයෙන් ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ආණ්ඩුව ඊයේ (12) පැවසීය.
එම ප්‍රකාශය ලැබුණු සැනින් සමාජ මාධ්‍ය තහනම ඉවත්කිරිමට රජය කටයුතු කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේය.
වෛරී ප්‍රකාශන ඉවත් කරන ලෙස රජය නිල වශයෙන් ෆේස්බුක් ආයතනයට කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර හිමි වී තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, කෙසේ වෙතත් එම ප්‍රකාශන ඉවත්වීම ඉතා මන්දගාමීව සිදුවන බවත් සඳහන් කළේය. “ෆේස්බුක් එක කියනවා, සිංහල පරිවර්තකයන් අඩු නිසා ඔවුන්ට යම් කාලයක් අවශ්‍ය බව. නමුත් අපි ඔවුන්ට දැනුම් දුන්නා මේක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් කියලා.”
මේ අතර ෆේස්බුක් සමාජ ජාලය අවහිර කිරීම සම්බන්ධයෙන් රජයට එල්ලවෙමින් තිබෙන විරෝධය දැඩි ලෙස ඉහළ යමින් පවතී. මුල් අවස්ථාවේදී ජාතිවාදී ගැටුම් පාලනය සඳහා බොහෝ දෙනා ඊට එකඟතාව පළ කළ බව දක්නට ලැබුණත් මේ වනවිට ගැටුම් පාලනය කර ඇති අවස්ථාවක එය තවදුරටත් තහනම් කිරීම ගැන බොහෝ දෙනා විරෝධය පළ කරති.
No comments: